Friday, September 20, 2024

General line - 0115112241

ඩිලාන්ගේ ප‍්‍රකාශයකට චන්දි‍්‍රකාගෙන් පිළිතුරක්

සමන්ත කුමාර




ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් එම ධූරවලින් ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපතිනී චන්දි‍්‍රකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා. අත්තනගල්ලේ අද (21) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කලා.

එහිදී හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කලේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මැතිවරණයට තරග කිරීමට නොහැකි බව පවසමින් අවස්ථා කිහිපයකදීම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි බවයි.