Friday, September 20, 2024

General line - 0115112241

සංගීත ප්‍රසංගය අතරතුර වෙඩි තැබීමක් - පුද්ගලයෙකු මරුට




ගම්පහ - අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුරදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අවුරුදු උත්සවයකින් අනතුරුව ඊයේ (21) රාත්‍රියේ පැවැති සංගීත සන්දර්ශනයක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්.

වෙඩි  වැදීමෙන් මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙකු වන අතර ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ද වනවා.

සංගීත සන්දර්ශනය ආරම්භයේ පොල් තෙල් පහන දැල්වීමට ඔහුටද ආරාධනා ලැබී තිබු බවද වාර්තා වනවා.  වෙඩි තැබිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 තුවාල ලැබූවන් මේවන විට වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පැවසුවා.