Friday, September 20, 2024

General line - 0115112241

හිටපු අධිකරණ ඇමතිගේ ප්‍රකාශය එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මතයයි

සමන්ත කුමාර




ජාතික ආණ්ඩු මිත්‍යාවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට හිටපු අධිකරණ අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ සිදු කළ ප‍්‍රකාශය සිය පක්ෂයේ පසු පෙළ මන්තී‍්‍රවරුන්ගේද මතය වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර හෙක්ටර් අප්පුහාමි පවසනවා. 

විජයදාස මන්තී‍්‍රවරයාගේ ප‍්‍රකාශය පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී 
හෙක්ටර් අප්පුහාමි මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍යධූරයක් භාර ගන්නා ලෙස ආරාධනාවක් සිදු කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් එම ආරාධනාව පිළිගන්නා බවත් 
විජයදාස රාජපක්ෂ මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළා. 

නැවත විජේදාස රාජපක්ෂ මන්තී‍්‍රවරයාට අමාත්‍යධූරයක් ලබා දීම සම්බන්ධයෙන් ගැටලූවක් නොමැති බවද හෙක්ටර් අප්පුහාමි මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා.