Saturday, January 11, 2025

General line - 0115112241

සවුදි රජ මාලිගා ආසන්නයේ වෙඩි ප්‍රහාරයන්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සවුදියේ රියාද් අගනුවර පිහිටි එරට රජ පවුලට අයත් මාලිගා පරිශ්‍රයන් ආසන්නයෙන් ඊයේ (21) පස්වරුවේ සැකකටයුතු වෙඩි ප්‍රහාරයන් කිහිපයක් එල්ල වි තිබෙනවා. එරට ආරක්ෂක අංශ පවසන්නේ මාලිගා පරිශ්‍රයන් ආසන්නයේ පියාසර කරමින් තිබූ සෙල්ලම් ඩ්‍රෝන යානයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බවයි. 

පසුව පළවූ තහවුරු නොකළ වාර්තා මගින් ප්‍රකාශ වී තිබුණේ  මාලිග පරිශ්‍රයන් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව දරුණූ වෙඩි හුවමාරුවක් ඇසුනු බවයි. අගනුවර තුළ කිසියම් කුමන්ත්‍රණයක් සිදුවූයේද යන්න සැක සහිත බවද එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වනවා. 

එහෙත් අගනුවර ආරක්ෂාවට හානි වන කිසිඳු සිද්ධියක් සිදු නොවූ බවයි එරට බලධාරීන් පවසන්නේ. රට තුළ වර්ධනය වෙමින් ඇති බව පැවසෙන දේශපාලන අර්බුදයක් හේතුවෙන් මෑතක සිට සවුදි රජ මාලිගා පරිශ්‍රයන් අවට ආරක්ෂාව තරකර ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් වනවා. 

කෙසේවෙතත් වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී සවුදියේ සල්මාන් රජු සිය මාලිගයේ නොසිටි බවයි එරට වාර්තා පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සවුදි බලධාරීන් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.