Saturday, January 11, 2025

General line - 0115112241

ඇමතිධූර වෙනසක් එපා - එජාප ප‍්‍රබලයෙකුගෙන් ප‍්‍රකාශයක්

කසුන් කැලුම් / ලහිරු කපුගේ




අමාත්‍ය ධුරවල වෙනසක් වර්තමානයේදී අවශ්‍ය නෙවන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මොණරාගල කුඹුක්කන ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

ඇමතිවරුන්ට දැනට පවරා දී තිබෙන අමාත්‍යධුර වලම රැදී සිටිමින් ඉතිරි වසර 02 ක කාලය තුලදී ජනතාවට සේවය කිරීමට ඉඩ කඩ ලබාදිය යුතු බවයි. දැනට එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරටට පැමිණීමෙන් පසු කබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇති බවට ඇමතිවරයා මෙහිදී කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි පියල් නිශාන්ත කළුතර පැවති ජනහමුවකදී කැබිනට් සංශෝධනයක් ගැන කියමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යහපාලන ආණ්ඩුව ජනතාව රවටමින් සිටින බවයි.