Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ පාස්පොර්ට් එකට ලෝකයේ පවතින වටිනාකම මෙන්න  

වසන්ත පිවිතුරු




ලොව බලවත් විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 94 වන ස්ථානය හිමිවී තිබෙනවා. passport power rank index 2018 විසින් නිකුත් කර ඇති සමීක්ෂණ වර්තාවක මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වුණා. එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 39ක්. වීසා නිකුත් කිරීම මුල්කරගෙනයි අදාල සමීක්ෂණය සිදුකරනු ලබන්නේ. 

2018 සමීක්ෂණයට අනුව මෙවරත් ලොව බලවත් ගුවන් බලපත්‍රය හිමි රට බවට පත්ව තිබෙන්නේ සිංගප්පුරුවයි. ඒ ලකුණු 164ක් ලබාගනිමින්. දෙවන ස්ථානය හිමව ඇත්තේ දකුණු කොරියවටයි. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 163ක්. 

ලකුණු 162ක් ලබාගනිමින් ජපානය සහ ජර්මනිය තෙවන ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 161ක් ලබාගත් රටවල් 6ක්  සිව්වැනි ස්ථානයට පත්ව තිබෙනවා. 

අදාල ලැයිස්තුවේ ලකුණු 25ක් ලබාගනිමින් ඇෆ්ගනිස්ථානය අවසාන ස්ථානයට පත්ව තිබෙනවා. සියවැනි ස්ථානයයි  ඔවුන්ට හිමිව ඇත්තේ.

ඒ ඒ රටවල ගුවන් ගමන් බලපත්‍රයට හිමි බලය හා ස්ථානය මෙතැනින් බලන්න.