Friday, September 20, 2024

General line - 0115112241

උදයංග වීරතුංගව ලංකාවට භාර දෙන්න බෑ - එක්සත් අරාබි එමීර් රාජ්‍යය 

වසන්ත පිවිතුරු




මිග්‍ ගනුදෙනුවේදී  සිදුවූ බව කියන මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් භාරයේ  රඳවා ගෙන ඇති  හිටපු රුසියාවේ තානාපති උදයංග වීරතුංග සිය රටින්  පිටුවහල් කළ නොහැකි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය   විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප  කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ බව පවසා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය  සඳහන් කළේ . 

එකසත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර පසුගිය 2002 වසරේ දී පිටුවහල් කිරීමට අදාල සම්මුත්තියකට එළඹ ඇති නමුත් ඊට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැතිවීම බාධාවක් බවයි එක්සත් අරාබි එමීර්  රාජ්‍යය පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විකල්ප ක්‍රමවේදයක් ඇත්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජයේ  අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.