පොල්ගහවෙල - කොළඹ කොටුව අතර ප්රධාන දුමිරිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුමිරිය පාලක මැදිරිය නිවේදනය කරනවා.
ප්රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වලකුඹුර දුම්රිය ස්ථානය අසල දුම්රියක් අද (23) උදෑසන කාර්මික දෝශයකට ලක් වීමෙන් දුමිරිය ධාවනයට බාධා ඇතිවුනා.
.......................................................................................................................................................................
පොල්ගහවෙල - කොළඹ කොටුව ප්රධාන මාර්ගයේ තවදුරටත් දුම්රිය ප්රමාදයක් (23-04-2018 08:52)
පොල්ගහවෙල - කොළඹ කොටුව අතර ප්රධාන දුමිරිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තවදුරටත් ප්රමාද විය හැකි බව අලව්ව දුම්රිය ස්ථානාධිපතිවරයා nethnews.lk වෙත කියා සිටියා. මේවන විට අදාළ ප්රදේශයේ දුම්රිය ධාවන කටයුතු එක් මාර්ගයක පමණක් සිදුකරන බැවින් දුම්රිය අවහිරතාවක් පවතින බවයි ඔහු කියා සිටියේ. ප්රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වලකුඹුර දුම්රිය ස්ථානය අසල දුම්රියක් අද (23) උදෑසන කාර්මික දෝශයකට ලක්වුණා.
----------------
දුම්රියක් මග නවතී.. ධාවනය එක පැත්තකට සීමා වෙයි
(23-04-2018 07:52)
කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු එක් මාර්ගයකට පමණක් සීමා කර තිබෙනවා. ඒ රඹුක්කන - කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ධාවනය වූ දුම්රියක් හදිසියේ මාර්ගයේ නතරවීම හේතුවෙන්. ධාවනය වූ දුම්රියක හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් ඊට හේතු වී ඇති බවයි දුම්රිය ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ හේතුවෙන් රඹුක්කන - කොළඹ කොටුව දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු සිදුවන බවද සඳහන්. කඩිනමින් මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කරන බවයි nethnews.lk කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය සඳහන්.