කුරුණෑගල - වැල්ලව, පල්ලේකොටුව ප්‍රදේශයේදී පියෙකු සහ පුතෙකු දුම්රියට පැන සියදිවි හානි කර ගෙන ඇති බව වැල්ලව පොලීසිය පවසනවා.
කන්කසන්තුරේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියට පැන ඔවුන් සියදිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 30 හැවිරිදි පියෙකු සහ ඔහුගේ මාස 08ක පුතෙකු බව පොලීසිය කියා සිටියා.
පශ්චාත් මරණ පරික්ෂණය අද(23) සිදු කිරිමට නියමිත අතර වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.