පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය මගින් පැහැදිළි කිරීමක් සිදු කරන බව රජයේ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනනවා.
ඒ අනුව පෙන්වා දෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතින බවයි.
මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිතුමා සමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු පමණක් බවයි පෙන්වා දෙන්නේ.
තවද නිල දූත පිරිසට අයත් නොවූවත් ජනාධිපති මාධ්‍ය අංශයේ විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරුවන් සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ද ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මීට එක්ව සිට තිබෙනවා.
ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට හෝ ඊට සමගාමීව පැවති වෙනත් කිසිදු හමුවකට ජනාධිපති කාර්යාලයේ වියදමින් කිසිදු පුද්ගලයෙක් සහභාගී වී නොමැති බවයි පෙන්වා දී ඇත්තේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් සහභාගී වී ඇත්තේ ආර්ථික සමුළුවට බව ද දන්වා සිටින අතර එම ආර්ථික සමුළුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයකට ජනාධිපති කාර්යාලය වියදම් දරා නැති බවද සඳහන්.
එබැවින් ඇතැම් මාධ්‍යවල සියයකට අධික දූත පිරිසක් සහභාගී වන බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර සිටින බවයි දන්වා තිබෙන්නේ.