එංගලන්තයේ පැවති පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුවට සහභාගි වීමට ගොස් සිටි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස, එම සංචාරය නිමා කර අද (23) යළි දිවයිනට පැමිණ තිබෙනවා.
උදෑසන 9.45 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර් - 664 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.