Friday, September 20, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ ප්‍රකාශයක් ප්‍රතික්ෂේප කළ බුද්ධශාසන අමාත්‍යවරයා

සමන්ත කුමාර




විහාරස්ථාන හෝ වෙනත් ආගමික ස්ථාන අලූතින් ඉදිකිරීම වළක්වාලීම සඳහා නීතියක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රතික්ෂේප කරනවා.

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් දහම් පාසලක් පවා අලූතින් ආරම්භ කිරීමේදී ගැටළු මතුවනු ඇති බවයි. කෙසේ වෙතත් එවැනි කිසිදු සූදානමක් ආණ්ඩුවට නොමැති බව නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අවධාරණය කළා.

ඔහු පැවසුවේ පහසුකම් අඩු විහාරස්ථාන සහ වෙනත් ආගමික ස්ථාන හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාව දී දියුණු කිරීමට පමණක් යෝජිත අලූත් කෙටුම්පතකින් අදහස් කරන බවයි.