Friday, September 20, 2024

General line - 0115112241

උදයංග වීරතුංග සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලැබිලා නෑ - පොලීසිය

ඩිල්ෂාන් මඩවල




රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට භාරදිය නොහැකි බවට කිසිදු නිල දැනුම් දීමක් තමන් වෙත මෙතෙක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට භාරදිය නොහැකි බව එක්සත් අරාබි එමිර් රාජ්‍ය විසින් ප්‍රකාශ කර ඇති බවයි. තමන්ද එවැනි තොරතුරක් දැන ගත්තේ මාධ්‍යවලින් බව පොලිස් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.