Saturday, May 4, 2024

General line - 0115112241

සාරියක් නිසා බක් මහ උළෙල උණුසුම් වෙලා (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




බක් මහ උළෙලකට බුදු රුවට සමාන රුවක් සහිත මුද්‍රණයක් සහිත සාරියක් පැළඳ සිටි කාන්තාවකට එම අවුරුදු උත්සවයට සහභාගි වු විශාල පිරිසකගේ දැඩි විරෝධතාවයක් එල්ල වූ පුවතක් වාර්තා වෙනවා.

තලවකැලේ ලිදුල සමෘද්ධි කලාපය විසින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබෙනවා. 

ආගරපතන පොලිස් වසමට අයත් හෝල්බෘක් බෙල්මොර් වතු යායේ ක්‍රීඩාංගණයේ ඊයේ (22) දවස පුරා මෙම අවුරුදු උත්සවය පවත්වා තිබුණා.

එම අවුරුදු උත්සවය සංවිධානය කල සමෘද්ධි සංවර්ධන නිලධාරින්යගේ නැගණිය විසින් මෙම බුදු රුවට සමාන මුද්‍රණයක් සහිත සාරිය පැළඳ සිටි බවයි එම බක් මහ උළෙලට සහභාගි වි සිටි ප්‍රදේශවාසින් කියා සිටියේ.

ඇයගෙන් සිදු කර ඇති ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ එම සාරිය ඉන්දියාවෙන් ගෙන්වා ගත් එකක් බවයි.