Friday, September 20, 2024

General line - 0115112241

අපි පොරොන්දු වෙනස් කළේ නෑ - රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කියයි

දිල්ෂාන් තුෂාර




ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ආණ්ඩුවෙන් ඉවත්ව යන්නේ නම්, තමන්ද එයින් සතුටු වන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඉකුත්දා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායම කරන යෝජනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි ඔහු ඒ බව පැවසුවේ.

තනි ආණ්ඩුවක් පිහිටුවීම වඩා වාසිදායක නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන තෙක් නොසිට එක්සත් ජාතික පක්ෂයම ඊට පළමු පියවර නොතබන්නේ මන්දැයි ද නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ 2015 වසරේ පැවති මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවකට යන බව පොරොන්දු වූ බවයි. තමන් ඉන් වෙනස් වී නොමැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත වෙනස් වී ඇති බවයි ඔහු කියා සිටියේ.

යෝජිත ප්‍රතිසංවිධානවලින් එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ආණ්ඩුවේ ද කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් ඉදිරියේදී සිදු වනු ඇතැයි ද පාලිත රංගෙ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.