Friday, September 20, 2024

General line - 0115112241

අංශ 03ක මෙහෙයුමකට සිරිකොත සැරසේ

ළහිරු කපුගේ




සිරිකොත මූලස්ථානයේ කටයුතු අංශ 03කට වෙන් කිරීම යෝජිත ප්‍රතිසංවිධාන යටතේ සිදු වන්නක් බව එහි දේශපාලන මණ්ඩලයේ සභිකයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල පවසනවා. පක්ෂය ශක්තිමත් කිරීම මෙන්ම ආණ්ඩුව ද ජනහිතකාමී ලෙස වෙනස් කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සිරිකොත මූලස්ථානය වෙන් කිරීමට අපේක්ෂිත අංශ 03 පිළිබඳව ද මෙහිදී විස්තර කළා. ඒ අනුව ජාතික සංවිධායක හා එකතු වී කටයුතු කිරිමටත් , ලේකම්වරයා සමග එක්ව කටයුතු කිරිමේ තවත් පිරිසක් හා මාධ්‍ය කණ්ඩායම ශක්තිමත් කිරිම මෙහි අරමුණ බවයි.

කෙසේ වෙතත් අදාළ අංශ 03 සඳහා නිලධාරීන් පත් කිරීම මෙතෙක් සිදු කර නැහැ. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය හෙට (24) රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය ජෙ සී අලවතුවල කියා සිටියේ.