Friday, September 20, 2024

General line - 0115112241

විදේශිකයන්ගේ ගමන්මලූ සහ මුදල් පසුම්බිවලට පොළොන්නරුවේ දී සිදුවන දේ ගැන අනාවරණයක්

රොෂාන් තුෂාර - පොළොන්නරුව




විදේශීය සංචාරකයින්ගේ ගමන්මලූ සහ මුදල් පසුම්බි සොරා ගන්නා කල්ලියක් පොළොන්නරුව සහ අවට ප්‍රදේශවල සැරිසරමින් ඇතැයි නෙත් නිවුස් වෙත තොරතුරක් ලැබුණා. ගත වූ මාස 03 ඇතුළත පමණක් එවැනි සොරකම් 06ක් පමණ සිදුව ඇති බවයි පොලිස් වාර්තාවල දැක්වෙන්නේ.

පාපැදිවල තනිව ගමන් කරන විදේශීය කාන්තාවන් සොර කල්ලියේ ප්‍රමුඛ ඉලක්කයක් වී තිබෙනවා. මෙවැනි සොරකම් විදේශිකයින් අධෛර්ය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට ද හානිකර බවයි සංචාරක මග පෙන්වන්නන් පැවසුවේ.

සාමාන්‍යයෙන් දෛනිකව විදේශීය සංචාරකයින් 500ක් පමණ දෙනා පොළොන්නරුවට පැමිණෙනවා. පොළොන්නරුව පුරාවිද්‍යා කලාපයේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 20කට ආසන්නයි.