Friday, September 20, 2024

General line - 0115112241

සංහිඳියාව ඇති කිරිමට නෙත් එෆ් එම් හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සංවිධානය කරන අවුරුදු උත්සවය හෙට

හේමන්ත කහවලගේ




ජාතීන් අතර සංහිඳියාව ඇති කරමින් සංවිධාන කෙරෙන ගාල්ල දිස්ත්‍රික් අලූත් අවුරුදු උත්සවය හෙට (24) පැවැත්වෙනවා. ඒ පිළිබඳ කරුණු දක්වන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස් පී කොඩිකාර කියා සිටියේ ජාතීන් අතර සමගිය ඇති කිරිමේ අරමුණින් මෙම උත්සවය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සංවිධානය කර ඇති බවයි.

මෙම අලූත් අවුරුදු උත්සවය පැවැත්වෙන්නේ ගාල්ල සමනළ පාලම අසළ ක්‍රීඩාංගණයේදීයි. හෙට පෙරවරු 08.30 ට එය ආරම්භ වනවා. තරග සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම අයෙකුට සහභාගී විය හැකියි. මෙම අලූත් අවුරුදු උත්සවය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.