තරුණ මවක් සිය මාස 10ක් වයසැති බිළිඳා නිවෙස තුළදී ඝාතනය කර ඇයද සියදිවි නසා ගැනීමේ පුවතක් වාර්තා වෙනවා.
වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මෙලෙස ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
හිනිදුම පොලිස් වසමේ සමගි මාවත, ඇලඉහළ හබරකඩ ප්‍රදේශයේ නිවසකදී මෙම සිද්ධිය ඇතිව තිබෙනවා.
අද (23) උදෑසන 10.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර එම කාන්තාව මානසික ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා බවද අනාවරණය වී තිබෙනවා.