එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් අද (23) තම නිවසේදි ගෙල වැලලාගෙන පණ අදිමින් සිටියදී ප්‍රදේශවාසින් පිරිසක් දැක ඇය ඉන් මුදා ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
පසුව ඇයගේ තත්ත්වය බරපතල නිසා එම සිසුවියව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.
හැටන් දික්ඔය වනරාජා වත්තේ වර්ලි කොටසේ පදිංචි මෙම දැරියගේ පියා මවගෙන් වෙන් වි ජිවත් වන බවත් එම සිසුවිය නිවසට යාබදව පිහිටි තාවකාලිකව ඉදිකර ඇති කාමරයක බාල්කයේ අද (23) පෙරවරු 11.30 ට පමණ මෙලෙස ගෙල වැලලාගෙන සිටියදි ප්‍රදේශවාසින් දැක ඇයව ඉන් මුදා ගෙන තිබෙනවා.
එම සිසුවිය නොර්වුඩ් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 6 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටින බවයි පොලිසිය කියා සිටියේ.
ගෙල වැලලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.