ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් 29 දෙනෙකු පමණ තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව නොර්වුඩ් පොලිසිය පවසනවා.
බස් රථය හැටන් සිට සාමිමලේ දක්වා ධාවනය වෙමින් තිබූ එකක්.
අද (23) පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් මස්කෙලිය ප්රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වෙලි ගම ප්රදේශයේදියි.
අධික වේගයෙන් ධාවනය වු බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නිවසක් අසලට පෙරළි ඇති බවයි නොර්වුඩ් පොලිසිය පැවසුවේ. තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ මගින් 35 දෙනෙකු පමණ ගමන් කල බවයි එම බස් රථයේ කොන්දොස්තරවරයා කියා සිටියේ.