ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (24) රැස්වීමට නියමිතයි. ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමටද ඒ සඳහා ආරාධනා කර ඇතැයි සඳහන්.
මේ අතර යහපාලන ආණ්ඩුව තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ තීරණය කිරීමට පත්කළ කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී සැලකිල්ලට ගැනීමට නියමිත බව වාර්තා වනවා.