Friday, September 20, 2024

General line - 0115112241

පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

හේරත් ඒකනායක - මහනුවර




පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ බලය අත්පත් කර ගැනීමට ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද (23) සමත්වුණා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ සහයෙන්. අද පැවැති ඡන්ද විමසීමේදී නව සභාපතිවරයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වුණා. හිමිවූ ඡන්ද සංඛ්‍යාව 17ක්. එක්සත් ජාතික පක්ෂයට හිමිවුයේ ඡන්ද 08ක් පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු සිව්දෙනෙකු සහ ශි‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරයා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට පක්ෂව ඡන්දය ලබා දුන්නා. 

පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව යනු ඉකුත් දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසුව අවසන්වරට බලය පිහිටවූ ප‍්‍රාදේශිය සභාවයි. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ඉකුත් 20වනදා අවසන් වුණා. සභිකයිනේගේ නම් ගැසට් කිරිමේ ගැටලූවක් හේතුවෙන් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම කල් දමා තිබු බවයි වාර්තාවුණේ.