Friday, September 20, 2024

General line - 0115112241

බුදුපිළිමයකට විරෝධය පා යාපනය සරසවියේ වවුනියාව මණ්ඩපය වසා දැමේ (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපය අද (23) දින නියමයකින් තොරව වසා දමනු ලැබුවා. ඒ, වවුනියාව මණ්ඩපයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට විරෝධය පළ කරමින්.

සිසුන් පැවසුවේ නේවාසිකාගාර තුළ අනෙකුත් ආගම්වල සිසුන්ට සිය ආගමික වතාවත් සිදුකිරීමට ස්ථාන පවතින බවයි. විශ්ව විද්‍යාලයේ බහුතර සිංහල සිසුන් පිරිසක් සිටින විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ බුදු පිළිමයක් නොමැති බැවින් තමන් අද දිනයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට සූදානම් වූ බව ඔවුන් ප‍්‍රකාශ කළා. එහෙත්, ඊට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අවස්ථාවක් ලබා නොදුන් බවයි සිසුන් ප‍්‍රකාශ කළේ. 

විශ්ව විද්‍යාලයේ දමිල සහ මුස්ලිම් සිසුන් බුදු පිළිමට තැන්පත් කිරීමට කිසිª විරෝධයක් ඉදිරිපත් නොකළ බවයි විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් පවසන්නේ.