Monday, May 6, 2024

General line - 0115112241

ලන්ඩන් මැරතන් තරගයේ දී අවාසනාවන්ත මරණයක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




පසුගියදා පැවති ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වූ 29 හැවිරිදි සූපවේදියෙක් තරගය අතර තුරේදී ඇද වැටීමෙන් අනතුරුව මිය ගිය බවට එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

බිබිසි රුපවාහිනිය මගින් සංවිධානය කරන සුප්‍රසිද්ධ " මාස්ටර් චෙෆ්"  සුපවේදී තරගයකටද  සහභාගිවූ මෙම මැට් කැම්බල් නම්  සූපවේදියා මෙම මැරතන් තරගයට සහභාගී වී ඇත්තේ මිය ගිය සිය පියාට ගෞරව කිරීමට බවයි ඔහු සිය මිතුරන්ට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැනුවත් කර තිබෙන්නේ.

තරගයට සහභාගිව සිටි මැට් කැම්බල් 22.5 වන සැතපුම් කණුව අසලදී ඇද වැටී ඇති අතර එම අවස්ථාවේදීම ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී රෝහල් ගත කර තිබෙනවා. ඊට පසුව ඔහු රෝහලේදී මිය ගිය බවටයි තරග සංවිධායකයින් පසුව දැනුම් දී ඇත්තේ. 

ලන්ඩන් මැරතන් තරගයට පෙර තරග සංවිධායකවරුන් තරගකරුවන්ට දැනුම් දුන්නේ වැඩි මහන්සියකින් තොරව සාමානය ඇදුමෙන් සැරසී පැමිණෙන ලෙසයි. ඒ මෙතෙක් පැවති ලන්ඩන් මැරතන් තරගවලින් වැඩිම උෂ්ණත්වයක් ( සෙල්සියස් අංශක 24 ක්) යටතේ මෙම තරගය පැවැත්වෙන බැවින් බවයි වාර්තා වෙන්නේ.