Friday, September 20, 2024

General line - 0115112241

අන්තිම කැමති පත‍්‍ර 252 ක් සම්බන්ධයෙන් මහා භාරකාරවරයාට අධිකරණය දුන් තීන්දුව

අධිකරණ වාර්තාකරු




මහා භාරකාර දෙපාර්තමේන්තුව භාරයේ ඇති රුපියල් මිලියන ගණන් වටිනා දේපල වලට අදාල අන්තිම කැමති පත‍්‍ර 252 ක් විවෘත කිරීමට කොළඹ දිසා අධිකරණය මහා භාරකාරවරයාට අවසර ලබා දී තිබෙනවා. ඇතැම් පුද්ගලයින් ජීවත්ව සිටියදී ඔවුන්ගේ දේපල මහා භාරකාරවරයා යටතට පත් කරන අතර  මරණයෙන් පසු ඒවායේ බුක්තිය හිමි විය යුතු ආකාරය එම අන්තිම කැමති පත‍්‍ර වල සදහන්.  

1932 සිට 1992 අතර කාලය තුළ ඇති අන්තිම කැමති පත‍්‍ර 252 ක් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර මෙතෙක් සිදු කර නැහැ. එබැවින් වත්මන් මහා භාරකාරවරයා ලෙසට කටයුතු කරන සනත් වීරරත්නගේ ඉල්ලීමක් සලකා බලා කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.