Friday, September 20, 2024

General line - 0115112241

පිරිවෙන් පෙළපොත් ලබාදීමේ දී අර්බුදයක්

හේමන්ත කහවලගේ




පිරිවෙන් අධ්‍යාපනයට හඳුන්වාදී ඇති නව විෂය නිර්දේශයට අදාළ පෙළපොත් ලබා දීම සම්බන්ධයෙන් මේවනවිට අර්බුදයක් මතුව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. පිරිවෙන් අධ්‍යාපනයේ නිරත භික්ෂූන් වහන්සේ නෙත් නිවුස් වෙත කියා සිටියේ විෂය නිර්දේශය හඳුන්වා දී වසර 02ක් ගතවුවද, මේ දක්වා ප‍්‍රමාණවත් පෙළ පොත් ලබා දී නොමැති බවයි. 

එහෙත්, මෙම පෙළපොත් වෙළඳපළේ මිලදී ගැනීමට ඇති බව භික්ෂූන් වහන්සේ ප‍්‍රකාශ කළා. එහෙත් ඒවා නොමිලේ පිරිවෙන් සඳහා බෙදා දිය යුතු බවයි අවධාරණය කෙරුණේ. වෙළඳපළේ මිලදී ගැනිමට ඇත්තේද එලෙස නොමිලේ බෙදා හැරිය යුතු පෙළපොත් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
 
එවැනි පෙළ පොත් වල සෑම පිටුවකම පහළ කොටසේ එය ‘‘නොමිලේ බෙදා හැරිම පිණිසයි’’ යනුවෙන් සටහන් කර ඇති බවයි භික්ෂූන් වහන්සේ නෙත් නිවුස් වෙත කියා සිටියේ. එහෙත්, වෙළඳපොළේ ඇති පොත්වල මිලක් සටහන් කර ඇති බවද හෙළි කෙරුණා.

03 ශ්‍රේණිය ගණිතය පෙළ පොතෙහි මිල සටහන් කර ඇත්තේ රුපියල් 220ක් ලෙසයි. 04 ශ්‍රේණිය ඉංගී‍්‍රසි පෙළ පොතෙහි මිල රුපියල් 135ක්. 03 ශ්‍රේණිය දෙමළ පෙළ පොතෙහි මිල සටහන්වන්නේ රුපියල් 90ක් ලෙසයි.