Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට සහ චීනයට විරෝධයපා ගමක් එකතුව පාරක් වසා දමයි




මුහුදු ඛාදනයයට වහා පිළියම් යොදන ලෙස ඉල්ලමින් මාරවිල තොඩුවාව කුඩාමඩුවැල්ල ප්‍රදේශ වාසීන් පිරිසක් අද ( 24 ) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා . මහවැව තොඩුවාව මාර්ගයේ කුඩාමඩුවැල්ල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරස් කරමින් මේ විරෝධතාවය පැවැත්වුණා . මේ විරෝධතාවය පැය දෙකකට ආසන්න කාලයක් සිදු කෙරුණා.

මෙහිදී ප්‍රධාන මාර්ගයේ බිම වැතිර ගත් විරෝධතාකරුවන් බලධාරීන් පැමිණෙන තෙක් විරෝධතාවය අත් නොහරින බව ප්‍රකාශ කළත් පසුව බලධාරීන් කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් සිය විරෝධය අත් හරිනු ලැබුවා.

කුඩාමඩුවැල්ල ප්‍රදේශයේ මීටර් එකසිය පනහක පමණ ප්‍රදේශයක් මේ වන විට මුහුදු බත් වී ඇති අතර තාවකාලික කුඩාරම් රැසක් විනාශ වී ස්ථීර නිවාස කීපයක්ද මුහුදු බත් වීමේ අවදානම් තත්වයක් උදා වී ඇත. නිවාස කීපයකට මුහුදු ජලය ගෑලීම හේතුවෙන් නිවාස අත්හැර යාමට තමනට සිදුව ඇති අතර ළිං රැසකට ලවණ මිශ්‍ර වී ඇති බවද මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී ප්‍රදේශවාසීන් වැඩි දුරටත් කියා සිටියේ මේ මුහුදු ඛාදනයයට ප්‍රධාන හේතුව පොර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා මිගමුව ආශ්‍රිත ප්‍රදේශයෙන් මුහුදු වැලි ලබා ගැනීම බවයි .

ජාතික ධිවර සහයෝගිතාවය මේ පිලිබඳව ජනතාව දැනුවත් කිරීමක්ද සිදු කළ අතර එම ව්‍යාපෘතිය සඳහා වැලි ලබා ගැනීමට විරෝධය පළ කරමින් කළු පැහැති බැලුන් ගුවන් ගත කිරීමක්ද මෙහිදී සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ධිවර සහයෝගිතාවයේ කැඳවුම්කරු හර්මන් කුමාර පැවසුවේ මේ වන විට කොළඹට උතුරු ප්‍රදේශයේ ගම්මාන රැසක් මුහුදු බත් වීමේ අවදානමක් ඇති බවයි. මෙයට ප්‍රධාන හේතුව වසර දෙකකට ආසන්න කාලයක සිට පොර්ට් සිටි ව්‍යාපාරය සඳහා මීගමුව ආශ්‍රිත මුහුදෙන් නැව් මගින් වැලි පොම්ප කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

"මේ ව්‍යාපෘතිය පසුගිය රජය ආරම්භ කළත් මේ රජය මෙය නවත්වන බවට මැතිවරණ පොරොන්දුවක් ජනතාවට ලබා දී තිබුනා .එක නගරයක් හදලා නගර රැසක් විනාශ කිරීම තමයි මින් දැන් සිදුව තිබෙන්නේ. මේ රජය මේ ව්‍යාපෘතිය නවත්වන්නේ නැත්නම් චීන රජයෙන් හෝ ඉල්ලිය යුතුයි මෙය නවත්වන්න කියලා . අද අපි මේ කලු පැහැති බැලුන් ගුවන් ගත කරලා කලෙත් අපේ රටේ රජයට මෙන්ම චීන රජයටත් මේ පිළිබද විරෝධය පල කිරීමක්." යනුවෙන් එහිදී සඳහන් කෙරුණා.