Friday, September 20, 2024

General line - 0115112241

සිරිකොතේ දී ඡන්දයක්

මේනකා රත්නායක




සිරිකොත මූලස්ථානයේ කටයුතු අංශ 03කට වෙන් කිරීමෙන් පසු ඊට පත් කළ නිලධාරීන් පිළිබඳ අද (24) දිනයේ අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබෙනවා. එම කමිටුව අද (24) පස්වරුවේ රැස්වන්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන්. 

බොහෝ දුරට අදාළ අංශ සඳහා නිලධාරීන් පත් කර ගැනීමට ඡන්දයක් පැවැත්වීමට වුවද සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර සඳහන් කළා. මෙම කටයුතු විනිවිත භාවයකින් සිදුකිරිමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කිරීම අනිද්දා (26) සිදුවනු ඇති බව සඳහන්.