Friday, September 20, 2024

General line - 0115112241

ජාලිය අදත් ඇවිත් නෑ - බිරිඳවත් අත්අඩංගුවට ගන්න නියෝග

අධිකරණ වාර්තාකරු




අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩන්ගුවට ගැනීමට යලි විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (24) නියෝග කළා.

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාස හතරකට අමෙරිකා එක්සත් ජනපදයට පිටව ගියත් පොරොන්දු වූ පරිදි අධිකරණයේ පෙනී නොසිටි බැවින් මීට පෙර අධිකරණය වරෙන්තු නිකුත් කළා.

සැකකරුගේ බිරිඳ ඇතුළු ශරීර ඇපකරුවන් දෙදෙනා අද දින අධිකරණයේ පෙනී නොසිටී බැවින් ඔවුන් ද අත්අඩන්ගුවට ගැනීමට මහේස්ත‍්‍රාත්වරිය යළි වරෙන්තු නිකුත් කළා.

සැකකරු අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව චෝදනා ලැබ සිටිනවා.