Friday, September 20, 2024

General line - 0115112241

මැයි රැළි දෙකකට ඉල්ලපු තැන් නොලැබෙයි

රංජිත් රාජපක්ෂ - හැටන්




නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර දෙකක මැයි දින රැලි පැවැත්විමට ඉල්ලා තිබු අවසරය ලබා නොදුන් බව නුවරඑළිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා පවසනවා.

ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය නගර මධ්‍යයේත්  කම්කරු ජාතික පෙරමුණ තලවකැලේ බස් නැවතුම් පොලේත් මැයි දින රැලි පැවැත්විමට අවසර ඉල්ලා තිබු බවත්, එම රැලි මගින් මාර්ග අවහිර වන බැවින් මහජන පීඩාවක් ඇති වන නිසා  තමන් එයට අවසර නොදුන් බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටින්නේ.

එම මැයි දින රැළි එම නගරවල පිහිටි ප්‍රධාන ක්‍රීඩාංගනවල පවත්වන ලෙස එම පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන් බවයි පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එම පක්ෂ දෙකෙම මැයි දින රැලි ලබන මස  7 වෙනි දින පැවැත්විමට සැලසුම් කර තිබෙනවා.