Saturday, September 21, 2024

General line - 0115112241

නේත‍්‍රාලෝක නෙල්ලිගල ශ‍්‍රී ශාක්‍ය වෙසක් කලාප අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් (UPDATE)




නේත‍්‍රාලෝක නෙල්ලිගල ශ‍්‍රී ශාක්‍ය වෙසක් කලාපයේ අවසන් දිනය වන අද (03) දිනයේද  ධාතු නමස්කාරය සඳහා දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් විශාල පිිරිසක් එක්ව සිටිනවා. එය අද (03) මධ්‍යම රාති‍්‍රය දක්වා කි‍්‍රයාත්මකයි.

-------------------------------------------

නේත‍්‍රාලෝක නෙල්ලිගල ශ‍්‍රී ශාක්‍ය වෙසක් කලාපයේ අවසන් දිනය අදයි. වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධයස්ථානයේදී මෙම මහා පිංකම සංවිධාන කෙරුණා.

සම්බුදු රජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ එහිදී දැක වන්දනා කිරීමට සැදැහැවතුන්ට අදත් අවස්ථාව උදා පවතිනවා. එය අද (03) මධ්‍යම රාති‍්‍රය දක්වා කි‍්‍රයාත්මකයි.

ඉකුත් දින කිහිපයේදී දිවයිනේ නන් දෙසින් පැමිණි සැදැවතුන් විශාල පිරිසක් ධාතු නමස්කාරයට එක්වුණා. 

----------------------

නේත‍්‍රාලෝක නෙල්ලිගල  වෙසක් කලාපය අදත් ක්‍රියාත්මකයි 

(02-05-2018 06:16)

 

සම්බුදු රජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේ, සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ දැක වන්දනා කිරීමට නේත‍්‍රාලෝක නෙල්ලිගල ශ‍්‍රී ශාක්‍ය වෙසක් කලාපයේ දී සැදැහැවතුන්ට අදත් (02) අවස්ථාව උදා වනවා.

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමිනුයි මෙම මහා පිංකම සංවිධාන කෙරෙන්නේ.

----------------------

නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපය අදත්.. බණ්ඩාරවෙල නේත‍්‍රාලෝක ධර්ම විජය වෙසක් කලාපය සාර්ථකව අවසන්

(01-05-2018 08:16)

 

බණ්ඩාරවෙල නේත‍්‍රාලෝක ධර්ම විජය වෙසක් කලාපය ඊයේ (30) මධ්‍යම රාති‍්‍රයේ සාර්ථකව අවසන් වුණා. වෙසක් කලාපය නැරඹීම සඳහා දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණියා. ඒ පිළිබඳ අදහස් දැක්වූ  බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න කියා සිටියේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් නෙත් එෆ් එම් මාධ්‍ය අනුග්‍රහයෙන් සාර්ථක වෙසක් කලාපයක් නිර්මාණය කිරිමට හැකි වූ බවයි.

මේ අතර නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපය අද (01) දිනයේද පැවැත්වෙනවා. කල්වේලා ඇතිව ඒ සඳහා පැමිණෙන ලෙසටයි යටිහෙලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පුජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් සැහැහැවතුන්ගෙන් ඉල්ලා සිටියේ.

-----------------------

නෙල්ලිගල හා බණ්ඩාරවෙල නේත‍්‍රාලෝක වෙසක් කලාප අදත් සැදැහැවතුන්ගෙන් පිරී යයි

(30-04-2018 18:50)

 

නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපය වෙත මේ වනවිටද දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් පැමිණෙමින් සිටිනවා. ධාතු නමස්කාරයද අද (30) පස්වරුවේ ආරම්භ වුණා. මධ්‍යම රාති‍්‍රය තෙක් සිදු කෙරෙන ධාතු නමස්කාරය යටතේ සර්වඥ කේෂ ධාතූන් වහන්සේ, ශාරීරික ධාතූන් වහන්සේ සහ මහරහත් ධාතූන් වහන්සේ 26 නමක් වන්දනා කර ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව පවතිනවා.

මේ අතර බණ්ඩාරවෙල නේත‍්‍රාලෝක ධර්ම විජය වෙසක් කලාපයේ දෙවන දිනයද අදයි. වෙසක් කලාපය නැරඹීම සදහා මේ වනවිටද සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. 

-----------------------

නෙත් එෆ් එම් වෙසක් කලාපවලට අදත් පැමිණෙන ලෙස බැතිමතුන්ට ඇරයුම් 

(30-04-2018 06:08)

 

නෙත් එෆ් එම් රේඩියෝවේ බැතිබර දායකත්වයෙන් සංවිධාන කෙරෙන නේත‍්‍රාලෝක නෙල්ලිගල ශ‍්‍රී ශාක්‍ය වෙසක් කලාපය අද (30) දිනයේත් ක‍්‍රියාත්මකයි. පස්වරු 2ට එහි කටයුතු ආරම්භ වනවා. නෙත් එෆ් එම් රේඩියෝවේ බැතිබර දායකත්වයෙන් සංවිධාන කර ඇති නේත‍්‍රාලෝක නෙල්ලිගල ශ‍්‍රී ශාක්‍ය වෙසක් කලාපය නැරඹිම සඳහා ඊයේ (29) දිනයේ දී විශාල පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකොන් සඳහන් කළේ.

මේ අතර බන්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම මහා විහාරය කේන්ද්‍රකරගත් නේත‍්‍රාලෝක ධර්ම විජය වෙසක් කලාපය ද අද (30) දිනයේත් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු පැහැදිළ් කළ නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර කියා සිටියේ ඊයේ (29) දිනයේ දී ද විශාල බැතිමතුන් පිරිසක් ඊට සහභාගී වූ බවයි. එමෙන්ම අද (30) දිනයේ ද පැවැත්වෙන නේත‍්‍රාලෝක ධර්ම විජය වෙසක් කලාපයට සහභාගී වන මෙන් බැතිමතුන්ට මෙත් සිතින් නෙත් එෆ් එම් රේඩියෝව ආරාධනා කරන සිටිනවා.

-------------------

නේත‍්‍රාලෝක වෙසක් සිරි නරඹන්න විශාල ජනකායක්

(29-04-2018 20:08)

 

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ ශ්වේත පූජා වැඩසටහන අද (29) දවස පුරා බන්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම මහා විහාරයේදී පැවැත්වෙනවා. එම විහාරස්ථානය කේන්ද්‍රකරගත් නේත‍්‍රාලෝක ධර්ම විජය වෙසක් කලාපයද මේ වනවිට ක‍්‍රියාත්මකයි. අද සහ හෙට දිනයේදී පැවැත්වෙන නේත‍්‍රාලෝක ධර්මවිජය වෙසක් කළාපයට සහභාගී වන මෙන් සැදැහැවතුන්ට මෙත් සිතින් ආරාධනා කරන බව  පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් මෙහිදී වදාරා සිටියා.

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ බැතිබර දායකත්වයෙන් සංවිධාන කෙරෙන නේත‍්‍රාලෝක නෙල්ලිගල ශ‍්‍රී ශාක්‍ය වෙසක් කලාපය නැරඹිම සදහා මේ වනවිට විශාල පිරිසක් එක්ව සිටින බවයි නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකොන් සඳහන් කළා.

 

---------------------------------------

ඩිජිටල් වෙසක් තොරණ මෙතැනින්  (UPDATE)

(29-04-2018 12:04)

 

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව මයි සයිට් අයි ටී පුද්ගලික සමාගමේ තාක්ෂණික සහයෙන් ඩිජිටල් තොරණක්ද ඉදිකර තිබෙනවා. පන්සිය පනස් ජාතක පොතේ ඇතුළත් 512වන කථා වස්තුව වන ගන්ඩතින්දු ජාතකයයි එහි දැක්වෙන්නේ.

බණ්ඩාරවෙලදී පැවැත්වෙන නේත‍්‍රාලෝක ධර්ම විජය වෙසක් කලාපයේදී මෙම ඩිජිටල් තොරණ දැකගත හැකි වනවා. 

(එම තොරණ මෙතැනින්ද නැරඹිය හැකියි)

 

-----------------------------------

නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපයේ ධාතු වන්දනාව අද සවස (UPDATE)

(29-04-2018 09:14)

 

නෙත් එෆ්. එම්. රේඩියෝවේ බැතිබර දායකත්වයෙන් සංවිධාන කෙරෙන නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපයේ ධාතු වන්දනාව අද (29) පස්වරු 03.00ට ආරම්භ වනවා.

යටිහෙලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පුජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දුන්නේ පහන් කූඩු, වෙසක් තොරණ සහ සැදැහැ ගී ගැයුම් එහිදී සංවිධානය කෙරෙන බවයි.

-------------------------------

ශ්වේත පූජා..වෙසක් කලාප සහ වෙසක් තොරණ 'නෙත්' වෙතින්

(29-04-2018 05:48)

 

නෙත් එෆ්. එම්. රේඩියෝවේ පොහො දින ශ්වේත පූජා වැඩසටහන බණ්ඩාරවෙල ශී‍්‍ර පුෂ්පාරාම මහා විහාරයේදී මේ වන විටත් පැවැත්වෙනවා.

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ්. එම්. රේඩියෝව 'මයි සයිට් අයි ටී පුද්ගලික සමාගමේ' තාක්ෂණික සහයෙන් ඩිජිටල් තොරණක්ද ඉදිකර තිබෙනවා.

පන්සිය පනස් ජාතක පොතේ ඇතුළත් 512වන කථා වස්තුව වන ගන්ඩතින්දු ජාතකයයි එහි දැක්වෙන්නේ. බණ්ඩාරවෙලදී පැවැත්වෙන නේත‍්‍රාලෝක ධර්ම විජය වෙසක් කලාපයේදී මෙම ඩිජිටල් තොරණ දැකගත හැකි වනවා. 

මේ අතර නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සංවිධාන කෙරෙනවා.

පහන් කූඩු, වෙසක් තොරණ සහ සැදැහැ ගී මෙන්ම උතුම් ධාතූන් වහන්සේ වන්දනාවක්ද එහිදී සිදු කිරීමට නියමිත බවයි යටිහෙලගල රාජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පුජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පෙන්වා දුන්නේ.

නේත‍්‍රාලෝක ධර්ම විජය වෙසක් කලාපයට සහ නේත‍්‍රාලෝක නෙල්ලිගල ශී‍්‍ර ශාක්‍ය වෙසක් කලාපයට පැමිණෙන ඔබ තෙරුවණ කෙරෙහි සැදැහැ සිත් උපදවාගෙනම පැමිණෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අනෙකාට අවහිරයක් නොවන පරිදි අරුත් දැන අප වෙසක් සිරි නරඹමු.