Wednesday, May 15, 2024

General line - 0115112241

ඩොලරය නිසා බස් ගාස්තු ඉහළ යන ලකුණු

දිල්ෂාන් තුෂාර




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය වාර්තාගත ලෙස අවප‍්‍රමාණය වීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ නැංවීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඉන්ධන මිල වැඩිවන ප‍්‍රතිශතය අනුව බස් ගාස්තු ඉහළ නංවන බවයි.

විවිධ ගාස්තු ඉහළ යාම හේතුවෙන් බස් කර්මාන්තය අවදානයට ලක්ව ඇති බවයි ඔහු කියා සිටියේ. ඉදිරි බස් ගාස්තු සංශෝධනයේ දී මේ සම්බන්ධයෙන් අවදානය යොමු කර ඉන්ධන මිළට සාපේක්ෂක බස් ගාස්තු ඉහළ දමන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.