Sunday, April 28, 2024

General line - 0115112241

චම්පිකගෙන් ගලවලා කිරිඇල්ලට දීලා!




අමාත්‍ය මණ්ඩල සංශෝධනය කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි පෙන්වා දීමට ජනතා විමුක්ති පෙරමුණ අද (02) පැවැත්වූ මාධ්‍ය හමුවේදී රටේ සියලු ප්‍රධාන නගර අයත් මහා නගර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති මහනුවර නගරය මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්කොට ඇතැයි පෙන්වා දුන්නා. මෙවැනි සංශෝධන කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කළා.

ලක්‍ෂ්මන් කිරිඇල්ලට මහනුවර සංවර්ධන ඇමතිකමක් දීලා. නුවරට කිසිදු සම්බන්ධයක් නැති අම්පාරේ හාරිස් ඇමතිවරයා මහනුවර සංවර්ධන නියෝජ්‍ය ඇමති බවට පත්වෙලා. මහනුවරට සංවර්ධන ඇමතිකමක් දෙනකොට අනෙක් දිස්ති‍්‍රක්වලට සංවර්ධන ඇමතිලා නැහැ.

නාගරික සංවර්ධන ඇමතිවරයා විදිහට සියලූම නගර අයිති වෙන්නේ චම්පික රණවක ඇමතිවරයාටයි. නමුත් මහනුවර ඒ අමාත්‍යාංශයෙන් ගලවලා. ලක්‍ෂ්මන් කිරිඇල්ලට දීලා තිබෙනවා. ඒවා කොහොමද විද්‍යාත්මක වෙන්නේ?