Sunday, April 28, 2024

General line - 0115112241

තනතුරු බෙදා අවසානයේ ඇමතිවරුන්ට ජනපතිගෙන් උපදෙසක්! ආයතන ගැසට් කිරීමේදී කරන දේත් කියයි




රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනයෙන් පසු සියලු අමාත්‍යවරුන් ඇමතූ ජනාධිපතිවරයා පැවසුවේ රටට සහ ජනතාවට අවංකව සේවය කරනා මෙන් තමා ඉල්ලා සිටිනා බවයි. සීමා ගැන නොසිතා කළ හැකි දේ බොහෝ බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

"තමාගේ හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන වැඩ මවන්න පුළුවන් ඕන කෙනෙකුට. තමන්ට තියෙන ක්ෂේත්‍රයේ සීමාව නෙවෙයි හිතන්න ඕන. ඒ කරන කටයුතු වගේම ඊට එහා දෙයක් හිතල කරන්නයි ඕන."

 
ආයතන ගැසට් කිරීමේදී විද්‍යාත්මක පදනම පැහැදිලිවම විද්‍යාත්මක බව සැලකිල්ලට ගන්නා බව ජනාධිපතිවරයා පැවසුවා.