Saturday, April 27, 2024

General line - 0115112241

වෛද්‍යවරයකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට




වෛද්‍යවරයකු ලෙස ව්‍යාජව පෙනී සිට බැංකු ගිණුම් විවෘත කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

සැකකරු බැංකු ගිණුුම් ආරම්භ කර ණය වශයෙන් රුපියල් එක් කෝටි අසූ එක් ලක්ෂයක් ලබා ගෙන ඇති බවයි මූලික පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 56 හැවිරිදි ඔහු ගාල්ල, බැන්ඩයමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සතුව තිබී ව්‍යාජ හැඳුනුම්පත් 04ක්, රියදුරු බලපත‍්‍ර 02ක් සහ විදෙස් ගමන් බලපත‍්‍ර 11ක් සොයා ගැනුණා.