Sunday, April 28, 2024

General line - 0115112241

අප්‍රේල් මස ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක්

වසන්ත පිවිතුරු




2018 අප්‍රේල් මාසය වන විට ඩෙංගු රෝගීන් 17028 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබෙනවා.

ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7178ක්,පෙබරවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4395ක් මාර්තු මාසයේ ඩෙංගු රෝගීන් 3303 ක් අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 2152ක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇති බව සඳහන්. 

ඒ අනුව 2018 වසරේ ජනවාරි සංඛ්‍යවට වඩා අප්‍රේල් මාසය වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවා.

මෙම කලසීමාව තුළ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශය තුල ජනවාරි,පෙබරවාරි, මාර්තු,අප්‍රේල්, මාසවල පිළිවෙළින් 1177,622,475,349 ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වුණා. 
කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ජනවරි මස රෝගීන් 824ක්, පෙබරවාරි මස රෝගීන් 469ක්, මාර්තු මස රෝගීන් 371ක්, අප්‍රේල් මස රෝගීන් 232ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 30.9%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන්. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැලඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මහජනයා දැනුවත් වීමේ අවශ්‍යතාවය මෙමගින් පෙන්නුම් කෙරෙන බව ඩෙංගු රෝග විද්‍යා ඒකකය පවසනවා.

එමෙන්ම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් බවද එම ඒකකය වැඩිදුරටත් කියා සිටියා.