රටේ වෙනසක් බලාපොරොත්තු වූ ජනතාවට විශාල වෙනසක් වත්මන් යහපාලන ආණ්ඩුව විසින් ලබාදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කියා සිටියේ ජනතාව බලාපොරොත්තු වූ සැබෑ වෙනස අමාත්‍ය මණ්ඩල වෙනස් කිරීම, වෙසක් දිනය බක් මාසයට වෙනස් කිරිම හා ලෝක කම්කරු දිනය මැයි මස 7 වැනිදාට වෙනස් කිරිමෙන් වත්මන් ආණ්ඩුව රට තුල විශාල වෙනසක් පෙන්නුම් කර ඇති බවයි.
ඔහු මෙම අදහස් පෑලියගොඩ - විද්‍යාලාංකාර පිරිවණේ ඊයේ (03) පෙරවරුවේ පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියා.
අමාත්‍ය මණ්ඩල සංශෝධනවලින් රටේ ජනතාවට කිසිදු සෙතක් නොවන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවේ. වත්මන් ආණ්ඩුවට ඇති ජනවරම අවසන් වීමට තවත් මාස 20ක කාලයක් ඇති බව මෙහිදී මාධ්‍යවේදීන් මතක් කර සිටි අතර ඊට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඉදිරි මාස 20ක් හෝ බලයේ රැඳී සිටිමට වත්මන් ආණ්ඩුවට හැකිවේදැයි යන්නයි.