Thursday, May 16, 2024

General line - 0115112241

වගකීම් නොදත් ක්‍රීඩා කළමනාකරුවෙකු ගැන චෝදනා රැසක් - කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් කරුණු විමසන්න සූදානම්

කසුන් කැළුම්




වගකීම් නොදත් කළමනාකරුවෙකු හේතුවෙන් කණිෂ්ඨ මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් කනස්සල්ලට පත්ව ඇතැයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණා.

ශ‍්‍රී ලංකා කනිෂ්ඨ මළල කී‍්‍රඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අනිල් වීරසිංහගේ කි‍්‍රයා කලාපය හේතුවෙන් ලබන 5 වැනිදා ඇරඹෙන දකුණු ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා තරගාවලියට එක් වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

එ් ඔහුගේ වගකීම් විරහිත කි‍්‍රයා කලාපය හේතුවෙන්. කොළඹ නගරය ආශ‍්‍රීත ප‍්‍රධාන පාසලක ශාරීරික අභ්‍යාස උපදේශක ලෙස කටයුතු කරන අනිල් වීරසිංහ මීට පෙර ශ‍්‍රී ලංකා යොවුන් මළල කී‍්‍රඩා කණ්ඩායමේ කළමණාකරු ලෙස ද කටයුතු කළා.

එ් සෑම අවස්ථාවකදීම ඔහුගේ කි‍්‍රයා කලාපයන් පිළිබඳ දැඩි විවේචන එල්ල වූ බවයි මළල කී‍්‍රඩා විචාරකයින් පවසන්නේ.

දකුණු ආසියානු කනිෂ්ඨ මළල කී‍්‍රඩා ශූරතාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් දා තේරීම් තරගාවලියේ අවසන් තරග පැවැත්වුණා. අවසන් දිනයේ සුගතදාස කී‍්‍රඩාංගණයට පැමිණීම පවා මෙම නිලධාරියා මඟ හැර ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් 84 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා කණ්ඩායම නේවාසික පුහුණුව සඳහා නේවාසිකගාරවලට පැමිණි අවස්ථාවේ දෙමව්පියන් හමුවට පැමිණීමද ඔහු මඟ හැර තිබෙනවා. වගකිව යුතු නිලධාරියෙකු ලෙස කිසිසේත්ම නොගැලපෙන අයුරින් බීමත්ව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හමුවට පැමිණීම පිළිබඳවද පසුගිය කාලයේ මෙම නිලධාරියාට එරෙහිව චෝදනා එල්ල වුණා.  

ශී‍්‍ර ලංකා කණිෂ්ඨ මළල කී‍්‍රඩික කී‍්‍රඩිකාවන් තවත් ජාත්‍යන්තර තරගාවලි දෙකකට ඉදිරියේදී සහභාගිවීමට නියමිතයි. කණ්ඩායම් කළමනාකරු ලෙස අනිල් වීරසිංහ නමැත්තා තවදුරටත් එම ධුරයේ කටයුතු කළහොත් ශී‍්‍ර ලංකාවට දිනා ගත හැකි පදක්කම් බලාපොරොත්තුද බිදවැටී යනු ඇති බවයි මළල කී‍්‍රඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

ඔහුට එල්ල වී ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කී‍්‍රඩා අමාත්‍යංශයෙන් විමසීමක් කළා. කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් එහිදී කියා සිටියේ තමන් මේ පිළිබඳව කරුණු විමසීමක් සිදු කරන බවයි.