Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි




අද (03) අලුයම් කාලයේ ඉන්ධන පිරවුම් හළක් කොල්ලකා තිබෙනවා.

පන්නල පොලිස් වසමේ මාකඳුර ගෝනවිල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හළකට පැමිණි කාර් රථයක මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනකු විසින් එහි සේවයේ යෙදී සිටි පුද්ගලයින් දෙදෙනකුට මන්නා පිහි දෙකක් පෙන්වා තර්ජනය කර බියගන්වා මෙලෙස ඔවුන් සන්තකයේ තිබූ රුපියල් හැත්තෑ දහසක මුදලක් කොල්ලකා එම රථයෙන් පළා ගොස් තිබෙනවා.

සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.