Saturday, September 21, 2024

General line - 0115112241

ලබන සතියේ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණ කරන්න යන දේ ගැන පැහැදිළි කිරිමක්

සමන්ත කුමාර




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ගෙනගිය වැඩපිළිවෙල අතරමග ඇණ හිටීම, 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කිරිමට හේතුවූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් කියා සිටියේ මෙහි මූලික කරුණක් වශයෙන් විධායක් ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි.      

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිමේ අරමුණින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන්නේ පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙයසි. එය සම්මත කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මෙහිදී කියා සිටියා.

ලබන සතියේ පාර්ලිමේන්තු සැසිය ආරම්භ වූ පසු මෙම යෝජනාව ගෙන ඒමටයි ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වන්නේ.