Saturday, September 21, 2024

General line - 0115112241

මිනිස් ආහාරයට අහිතකර පලා වර්ගයක් වෙළඳපොළේ




මුකුණුවැන්නවලට සමාන මිසින් සිරුරට අහිතකර පලා වර්ගයක් යළි වෙළඳපොලට පිවිස ඇතැයි ප්‍රදේශ රැසකින් වාර්තා වී තිබෙනවා.

කිඹුල්වැන්න නමින් මෙම අහිතකර පලා වර්ගය හැඳින්වෙන අතර එය අප ආහාරයට ගන්නා මුකුණුවැන්න පලා වර්ගයට බෙහෙවින් සමාන වනවා.

අධික ලෙස බැර ලෝහ අවශෝෂණය කරගන්නා මෙම පලා වර්ගය ජනතාව ආහාරයට ගැනීමෙන් වකුගඩු ආබාධ ඇතිවිය හැකි බවයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පෙන්වා දෙන්නේ.