Saturday, September 21, 2024

General line - 0115112241

"ජනමාධ්‍ය සඳහා ස්වාධීන කොමිසමක් අවශ්‍යයි"

නිශාන් ද සිල්වා




ශි‍්‍ර ලංකාවේ ජනමාධ්‍ය නිදහස තහවුරු වී ඇත්දැයි තවමත් ගැටලූවක් පවතින බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ජේ.ආර්.ඬේවිඞ් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අදට (03) යෙදී ඇති ලෝක ජනමාධ්‍ය නිදහස් නිමිත්තෙන් අදහස් දක්වමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනමාධ්‍යවේදීන්ට පහරදීම් වැනි යම් කාරණා අවම වී තිබුණත් එය සම්පූර්ණයෙන් අවම වී නොමැති බවයි.

ශි‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව ලංකාවේ මාධ්‍ය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. බස්නාහිර පළාතේ ඇතුළු ප්‍රදේශවල ජනතාවද ෆේස් බුක් භාවිත කරමින් තොරතුරු දැන ගන්නා බවත් උතුරු පළාත හා වතුකරයේ ජනතාව යල්පැන ගිය මාධ්‍ය භාවිතය අතැර දමා නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් තොරතුරු දැන ගන්නා බවයි.

මෙම අර්බුදයට මුහුණදීමට සිදුවන බව දැන සිටියත් ඊට පිළිතුරු ලබාදීමට කිසිවෙකු කටයුතු කර නොමැති බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් 30%ක කොටසක් දැනට මෙම ක්‍රිමවේදයන් අනුගමනය කරමින් තොරතුරු දැන ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කළා.

මේ අතර ජනමාධ්‍ය නියාමනය කළ යුතුද? යන ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් මාධ්‍යවේදී නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන කියා සිටියේ ජනමාධ්‍ය සඳහා වෘත්තීය ආයතනයක් මෙන්ම ස්වාධීන කොමිසමක් ද අවශ්‍ය බවයි.