Saturday, September 21, 2024

General line - 0115112241

චීනයෙන් විශේෂ ප්‍රකාශයක්

හේමන්ත කහවලගේ




සිය රටේ ඉදිකිරිම් සමාගම් විසින් මෙරට සිදු කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් චීනය විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකාවක් සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ඉදිකිරිම් සිදු කරන්නේ තම රටේ ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව බවයි. ඉදිකිරිම් සිදු කරන්නේ රජය නොව පෞද්ගලික සමාගම් බවයි ඇය පැවසුවේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකාව මෙම අදහස් පළ කළේ චීනය විසින් ශී‍්‍ර ලංකාවේ ඉදිකරනු ලබන ගොඩනැගිලිවල තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදින් පිරිසක් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

මෙරට පාරිසරික තත්ත්වයන්ට අනුව අදාළ සමාගම් ඉදිකිරීම් සිදු නොකරන බවටයි මාධ්‍යවේදීන් එහිදී පෙන්වා දුන්නේ.

ඊට පිළිතුරු ලබා දෙමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකාව පවසා  ඇත්තේ එවැනි ගැටලූවක් වේනම් අදාළ සමාගම් සමග මිත‍්‍රශීලීව ඒවා විසඳාගත යුතු බවයි. ඒවාට චින රජයට මැදිහත් විය නොහැකි බවද අවධාරණය කෙරුණා.