Saturday, September 21, 2024

General line - 0115112241

වසීම් තාජුඩීන්ගේ ඝාතනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කියපු දේ

අධිකරණ වාර්තාකරු




 

හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන්ට ආරක්ෂාව සැලසූ නාවික හමුදා නිළධාරීන් භාවිත කළ තොරතුරු සටහන් පොත් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (03)  අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව 2012 වර්ෂයේ ජනවාරි මස 1 දා සිට 2015 මැයි 30 අතර කාලය තුළ එම නාවික හමුදා නිළධාරීන් තොරතුරු සටහන් පොත් නිවාඩු ලේඛන ආදිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනයට  දැනුම් දුන්නා.

තවද වසීම් තාජුඩීන්ගේ මරණය සිදු වූ වකවානුවේ ඔහුගේ ජංගම දුරකථනයට මරියාන රෂ්මිද සිල්වා නැමැත්තිය විසින් එවා ඇති කෙටි පණිවුඩ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.

තොරතුරු වසන් කිරීම, මනුෂය ඝාතනයට කුමන්ත්‍රනය කිරීම ආදී චෝදනා ලැබ සිටින හිටපු ජේෂ්ඨ නියොජය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති  සුමිත් චම්පික පෙරේරා හිටපු කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍ය නිලධාරි මහාචාර්ය  ආනන්ද සමරසේකර යන  අය අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනයේ පෙනී සිටියා.

වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය ජූනි 29 වැනි දාට කල් තබා තිබෙනවා.