Saturday, September 21, 2024

General line - 0115112241

අල ළූණු මිල ඉහළට ඉදිරියේදී තවත් ඉහළට - මිල ගනන් මෙන්න (UPDATE)

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ/ අශෝක රඑමිණිගම්මන




ආනයනික අර්තාපල් හා ලොකු ලූනු සදහා පනවා තිබු වෙළඳ බදු ඉහළ නැංවීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල් අල සහ ලොකු ලූනු කිලෝවක තොග මිළ ඉහළ දමා තිබෙනවා. 

මිට පෙර රුපියල් 62 ක්වූ ආනයනික අර්තාපල් අල කිලෝවක තොග මිල රුපියල් 72 සිට 74  දක්වා ඉහළ ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. රුපියල් 40 කට අළෙවි වූ  ලොකු ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 65 ත් 70 ත් අතර වනවා. 
ආනයන කරන ලද අර්තාපල් අල විශාල තොග වෙලඳපොලේ තිබීම නිසා මෙම මිල ගණන් ඉදිරි සති දෙක තුනක් තුල  පැවතිය හැකි වූවත්, ඉදිරියේ ආනයනය කරන අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 90ක් පමණ විය හැකි බවයි දඹුල්ල  අල සහ ළුෑණු ආනයනකරුවන් පවසන්නේ.

ඉදිරි දින දෙක තුනකදී ආනයනික ලොකු ළුෑණු කිලෝවක මිල රුපියල් 82-85 ක් විය හැකි බවද ඔවුන් කියාසිටියා. මේ අතර බදු වැඩි කිරීමත් සමග ආනයනික අර්තාපල් අල කිලෝවක් සිල්ලර මිල සටහන් වන්නේ රුපියල්  90 ත් 100 ත් අතර අගයකයි. ආනයනික ලොකු ළුෑණු කිලෝවක සිල්ලර මිල රුපියල් 70 ත් 80 ත් අතර වන බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ.

මේ අතර ආනයනික ලොකු ළුෑණු සහ අර්තාපල් සදහා බදු වැඩි කිරීම දේශීය අල සහ ළුෑණු ගොවීන්ට සිදු කෙරුණු සාධාරණ තත්ත්වයක් බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසන්නේ. මේ එහි මාධ්‍ය ප‍්‍රකාශක හේමක ප‍්‍රනාන්දු පැවසුවේ.


ආනයනික ළුෑනු සහ අර්තාපල් සදහා බදු ඉහළ දැමීමට රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ මෙම තීරණය කාලෝචිත නොවන බවයි.
 

-----------------------

ලොකු ළූණූ සහ අර්තාපල් සඳහා බදු ඉහළට

03-05-2018 14:53

 

ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති ආනයනික බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමා තිබෙනවා.

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම බද්ද ක්‍රියාත්මකයි.

අර්තාපල් කිලෝවක් සදහා පැවති රුපියල් 30 ක ආනයනික බද්ද රුපියල් 40 දක්වා ඉහළ යන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ. ලොකු ළුෑනු කිලෝවක් සදහා පනවා තිබූ රුපියලක බද්ද රුපියල් 40 දක්වා ඉහළ යනු ඇති.