Saturday, September 21, 2024

General line - 0115112241

වෙරළේ අනවසර ඉදිකිරීමකට ඕස්ට්‍රේලියානුවෙක් අත්අඩංගුවට

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




හබරාදූව, දලවැල්ල වෙරළ තීරයේ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු හබරාදූව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ස්ථානයේ තිබූ බැකෝ යන්ත‍්‍රයක් සහ එහි රියදුරාද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අත්අඩංගුවට ගැණුනු  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයා දලවැල්ල ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන අයෙක්. එම හෝටලය පිටුපස මුහුද ගොඩකර අනවසර ඉදිකිරීමක් සිදුකරන බවට වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකෙරුණු වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.