ඉන්දියාවට බලපෑ දූවිලි කුණාටුව ඇතුළු අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් ගුවන් ගමන් වාර කිහිපයක් ප්රමාද වූ බව ශී්ර ලන්කන් ගුවන් සමාගම පවසනවා. කොළඹ සිට මෙල්බර්න්, ජෙඩා, ක්වාලාලම්පූර් සහ බැංකොක් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර කිහිපයක් එලෙස ප්රමාද වූ බවයි එම සමාගම නිවේදනය කළේ.
මැදපෙරදිග සිට පැමිණි ගුවන් යානයේ සිටි මගියෙකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ගුවන් යානයක් ඉන්දියාවේ කෝචින් නුවරට ගොඩබැස්සවීමට සිදුව තිබෙනවා. කුවේටයේ සිට පැමිණි ගුවන් යානයක් දූවිලි කුණාටු තත්ත්වයකට හසුවීම සහ තවත් යානා දෙකක ඇති වූ තාක්ෂණික දෝෂ මෙම ප්රමාදයට හේතු වූ බවයි ශී්ර ලංකා ගුවන් සේවය වැඩිදුරටත් සදහන් කළේ.