Sunday, April 28, 2024

General line - 0115112241

රුපියල බාල්දු වීමෙන් ණය බර බිලියන 836න් ඉහළට - මහ බැංකුවේ හිටපු අධිපති

නිශාන් ද සිල්වා




රුපියලේ අගය අවප‍්‍රමාණයවීම හේතුවෙන් 2015 වසරේ සිට 2017 දක්වා කාලය තුළ රටේ ණය බර රුපියල් බිලියන 836 කින් ඉහළ ගොස් ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. දේශපේ‍්‍රමි වෘත්තිකයන්ගේ සංසදය අද (03) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

පසුගිය කාලය තුළ රුපියලේ අගය සීග‍්‍ර ලෙස අවප‍්‍රමාණය වීම හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නා.