Sunday, April 28, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිළිගත නොහැකියි

සජිත් තිලකරත්න




තේ හා රබර් සදහා ග්ලයිෆොසෙට් වල් නාශකය භාවිත කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණයක් ගෙන ඇති බවට සිදුකරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුව කැදවීමකින් හෝ තොරව එවැනි තීරණයක් ගැනීමට නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.  කොළඹදී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම අදහස් පළ කළා. 

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට තීරණය කළහොත් ජනතාව සමග එක්ව ඊට එරෙහිව කටයුතු කරන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදී කියාසිටියා.